
දිස්ත‍්‍රික්ක කිහිපයක අද පෙරවරුවේත් වායු දූෂණ මට්ටම 100 ඉක්මවා තිබුණා. ඇමෙරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව ගම්පහ සහ යාපනය නගර වල වායු තත්ත්වය දර්ශකය දැක්වුණේ ඒකක 141 ක් ලෙසයි.
මහනුවර නගරයේ ඒකක 133 ක් ලෙසත් මීගමුව නගරයේ ඒකක 107 ක් ලෙසත් සටහන්ව තිබුණා. කොළඹ දැක්වුණේ ඒකක 95 ක් ලෙසයි.
මේ අතර, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පසුගිය සිකුරාදා වසා දැමුණු දිවයිනේ සියලූ රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් අද යළි විවෘත කෙරුණා.
කෙසේ වෙතත්, අයහපත් කාලගුණික තත්ත්වයෙන් දිස්ත‍්‍රික්ක 16 ක පුද්ගලයන් 23,628 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඌව පළාතටයි.
ඌව පළාතේ පවුල් 2874 කට අයත් පුද්ගලයින් 10,042 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර සිදුව ඇති නිවාස හානි සංඛ්‍යාව 2806 ක්.
දෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සබරගමුව පළාතටයි. එම පළාතේ පවුල් 2528 ක පුද්ගලයින් 9073 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, වාර්තා වන නිවාස හානි සංඛ්‍යාව 2493 ක්.