ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය කිරීමට හේතුවන හෝ වෙනත් පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එසේම, ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ති‍්‍රක්කවල රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් යනාදී කරුණු සීමා කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පුමුඛ සියළුම නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.
