
අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී කළහකාරීව හැසිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හැට දෙදෙනා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සුජීව ගුණතිලක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතරට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 48 නමක් ද ඇතුළත්.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ගුරුවරුන් දෙදෙනෙකු මෙම සිද්ධිය අතරතුරදී අත්අඩංගුවට ගැනීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළා.