
දෙමළ ජාතික පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර පසුගියදා යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් හෙට අධිකරණයට කරුණු වාර්තා කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
යාපනය – වඩමච්චි – නැගෙනහිර මර්දන්කර්නි ප‍්‍රදේශයේදී පසුගිය සිකුරාදා ජන හමුවක් පවත්වමින් සිටියදී ගජේන්ද්‍ර පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු සමඟ බහින්බස්වීමක් සිදුව තිබූ අතර, ඊට අදාළ වීඩියෝවක්ද මේ වන විට සමාජ ජාලවල සංසරණය වෙමින් පවතිනවා.