/
/
title icon
ලබන සතියේ විශේෂඥ වෛද්‍යවරුන් 250 ක් විශ‍්‍රාම යයි – පුරප්පාඩු දහසක්
ලබන සතියේ විශේෂඥ වෛද්‍යවරුන් 250 ක් විශ‍්‍රාම යයි – පුරප්පාඩු දහසක්
Editor
1 year ago
Share:
ලබන සතියේ විශේෂඥ වෛද්‍යවරුන් 250 ක් විශ‍්‍රාම යයි – පුරප්පාඩු දහසක්

රට හැර යාම සහ විශ‍්‍රාම යාම හේතුවෙන් ලබන සතිය වනවිට වෛද්‍යවරුන් දහසකගේ පුරප්පාඩු ඇති වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසනවා. ඔහු සඳහන් කළේ එම පිරිසට විශේෂඥ වෛද්‍යවරුන් 250 ක් ඇතුළත් බවයි.

එමෙන්ම, සීමාවාසික පත්වීම් ලබා ගැනීමට සිටි 1,300ක් පමණ වෛද්‍යවරුන්ගෙන් 300ක් පමණ පත්වීම් ලබා ගැනීම වෛද්‍යවරු ප‍්‍රතික්ෂේප කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පවසනවා. වැටුප් විෂමතාවයේ ගැටළු, දුෂ්කර පළාත්වලට මාරු වීම, ප‍්‍රවාහන අපහසුතා ආදිය ඊට බලපා ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ වනවිටත්, උපකරණ සහ ඖෂධ හිඟය ඇතුළු ගැටලූ හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවය මුහුණපා ඇත්තේ අර්බුදකාරි තත්ත්වයකටයි. කෙසේ වෙතත්, එම ගැටලූවලින් සියයට 70ක් සරලව විසදිය හැකි බව වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required