
ජනාධිපතිවරයා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අප කළ විමසීමක දී මේ බව සනාථ කළා.
ජාතික සංහිදියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ නායකයන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ආරාධනා කළ මෙම සර්ව පාක්ෂික හමුව අද පස්වරුවේ පැවැත්වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ද ඊයේ දිනය වනවිට සිය පක්ෂය මෙම සමුළුවට සහභාගි නොවන බව ප්‍රකාශ කළා.