
වැලිකන්ද - කුඩාපොකුණ රක්ෂිතය තුළ තිබී දිරාගිය අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
ඊයේ එම අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් සොයාගෙන ඇත්තේ වැලිකන්ද පොලීසියට ලද තොරතුරකට අනුවයි.
මෙම අස්ථි කොටස් තිබූ ස්ථානයෙන් හමුවූ කාන්තා ඇඳුම් කොටස්, හිස් වැසුම සහ කෑම පෙට්ටිය 2019 වසරේ නොවැම්බර් 14 වැනිදා වැලිකන්ද ප්‍රදේශයේදී අතුරුදන් වූ කාන්තාවකගේ බවට පොලීසිය සැක පළ කරනවා.