/
/
title icon
ඉන්දියාවට ලකුණු 274 ක ඉලක්කයක්
ඉන්දියාවට ලකුණු 274 ක ඉලක්කයක්
News Editor
2 years ago
Share:
ඉන්දියාවට ලකුණු 274 ක ඉලක්කයක්
  • 2 years ago

    ඉන්දීය - නවසීලන්තය තරගයට මීදුමෙන් බාධා

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගයට මේ වනවිට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබෙනවා. 
    තරගය පැවැත්වෙන ධරම්සාලා ක්‍රීඩාංගනය අවට පවතින දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් මෙලෙස තරගය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. 
    තරගය නතර කරන අවස්ථාවේදී ලකුණු 274 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 04 කදී කඩුළු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100 ක්. 
    ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය පිතිකරුවන් දෙදෙනා වන්නේ ෂුබ්මන් ගිල් සහ රෝහිත් ෂර්මායි. 

    1ee625a58d9d71fb814951ad32fa433c.jpg
  • 2 years ago

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගය මේ වනවිට ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා. 
    ඒ, ඉන්දියාවේ ධරම්සාලා හිදීයි. 
    ‍තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළා. 
    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 273 ක්. 
    එහිදී Daryl Mitchell ලකුණු 130 ක් සහ Rachin Ravindra ලකුණු 75 ක් ලබා ගත්තා. 
    ඒ අනුව ඉන්දීය කණ්ඩායමට හිමි වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 274 ක්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required