/
/
title icon
ඉන්දියාව එල්.ටී.ටී.ඊ.යට පැනවූ තහනම තවත් දිගු කරයි
ඉන්දියාව එල්.ටී.ටී.ඊ.යට පැනවූ තහනම තවත් දිගු කරයි
Editor
1 year ago
Share:
ඉන්දියාව එල්.ටී.ටී.ඊ.යට පැනවූ තහනම තවත් දිගු කරයි

ඉන්දිය රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ LTTE කොටි ත්‍රස්ත සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට අගතිගාමී ක්‍රියාකාරකම්වල නිරතවන බව ඔවුන්ගේ මතය බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එසේම 2009 වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව තුළදී  LTTE කොටි ත්‍රස්ත සංවිධානය ලද පරාජය සමග ඔවුන් ‘ඊළාම්’ සංකල්පය තවදුරටත් අත්හැර නොමැති බවද එහි සඳහන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required