/
/
title icon
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට
News Editor
10 months ago
Share:
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට

මේ වනවිට යළිත් කතාබහට ලක්ව ඇති බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා. 

ඒ අනුව එම කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවයි.

ඒ අනුව අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required