/
/
title icon
ඉන්දියාවෙන් කුෂ් ගෙන ආ තරුණියක් කටුනායකදී අල්ලයි
ඉන්දියාවෙන් කුෂ් ගෙන ආ තරුණියක් කටුනායකදී අල්ලයි
Editor
1 month ago
Share:
ඉන්දියාවෙන් කුෂ් ගෙන ආ තරුණියක් කටුනායකදී අල්ලයි

ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට නීති විරෝධීව කුෂ් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් රේගු මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇය විසින් සිය ගමන්මළු ඇතුළත කෘතිමව සැකසු ලී සඳවනයක් තුළ ඉතා සූක්ෂමව සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 290ක් රේගු නිලධාරින් විසින් සිය භාරයට ගනු ලැබුවා. 

රේගු නිලධාරින් පැවසුවේ සොයාගත් කුෂ් මත්ද්‍රව්‍යයේ වටිනාකම රුපියල් මිලියන 33ක් වන බවයි.

සැකකාරිය කොළඹ 10 ප්‍රදේශයේ තරුණියක් වන අතර, ඇය රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required