/
/
title icon
මැයි මාස⁣යට ඉන්ධන මිල පහළට
මැයි මාස⁣යට ඉන්ධන මිල පහළට
Editor
1 month ago
Share:
මැයි මාස⁣යට ඉන්ධන මිල පහළට

අද මැදියම් රැයේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 293ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වනු ඇති.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 274ක්.

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 325ක් වනවා.

ලංකා භූමිතෙල් මිලද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178ක්.

මේ අතර, ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required