
රම්බොඩ - ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබුණේ අද අලුයමයි.
අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබූ අතර, තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.