/
/
title icon
ගැරඬිඇල්ලේ අනතුර ගැන සොයන විමර්ශන කමිටුව වැඩ අරඹයි
ගැරඬිඇල්ලේ අනතුර ගැන සොයන විමර්ශන කමිටුව වැඩ අරඹයි
Editor
2 weeks ago
Share:
ගැරඬිඇල්ලේ අනතුර ගැන සොයන විමර්ශන කමිටුව වැඩ අරඹයි

කොත්මලේ - ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පොලීසිය විසින් පත් කළ කමිටුව අද අනතුර සිදුවූ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර ඇතුලු කණ්ඩායමක් අනතුර සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇති අතර පසුව එම පිරිස කොත්මලේ පොලිස් ස්ථානය වෙත ගොස් අනතුරට පත් බස් රථයද පරීක්ෂා කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඒ අනුව ඉදිරියේදී මීට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහ අනෙකුත් විද්‍යාත්මක සාක්ෂි මෙන්ම මෝටර් රථ පරීක්ෂක ඇතුළු විශේෂඥ මත සියල්ල අධ්‍යනය කිරීමෙන් අනතුරුව මීට අදාල අවසන් වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required