/
/
title icon
පොදු ප්‍රවාහනයට ආනයනය කෙරෙන බස්රථවලට අලුත් නීති
පොදු ප්‍රවාහනයට ආනයනය කෙරෙන බස්රථවලට අලුත් නීති
Editor
2 weeks ago
Share:
පොදු ප්‍රවාහනයට ආනයනය කෙරෙන බස්රථවලට අලුත් නීති

2026 වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required