
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වුණා.
කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.
මිය යනවිට ඇය 78 වන වියෙහි පසුවුණා.
1947 අප්‍රේල් මස 30වනදා කැලණියේදී වන්නිආරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසුව හෙළ සිනමාව අතික්‍රමණය කළා.
1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලිනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණා.
1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.
නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලිනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වනවා.