/
/
title icon
නිලි රැජිනිය "මාලිනි" දැයෙන් සමුගනී
නිලි රැජිනිය "මාලිනි" දැයෙන් සමුගනී
Editor
3 days ago
Share:
නිලි රැජිනිය "මාලිනි" දැයෙන් සමුගනී

හෙළයේ මහා නිළි රැජින ලෙස දශක ගණනාවක් පුරාවට කිරුළ පැළැඳි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකෙරුණා.

පසුගිය 24 වැනිදා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වන වියේ පසුවුණා.

1947 වසරේ අප්‍රේල් මස 30 වැනිදා උපත ලැබූ ඇය දශක 06කට ආසන්න කාලයක් තම විශිෂ්ට රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළා.

ඇයගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ අතර ඒ අනුව අද පස්වරු 3.30 දක්වා මහජන ගෞරව සඳහා දේහය නිදහස් චතුරස්‍ර පරිශයේ තැන්පත් කරනු ලැබුවා.

පසුව පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන ආ අතර එහිදී මහා සංඝරත්නය විසින් දේහය පිළිබඳව ආගමික වතාවත් සිදුකළා.

පසුව පස්වරු 5.45ට පමණ දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කෙරුණු අතර එහිදී ඉන්ද්‍රචාපා ලියනගේ සහ ආනන්ද ගමගේ විසින් චිතකය වෙත ගිනි දැල්වූවා.

ඒ අනුව හෙළයේ නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය සුවහසක් රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මධ්‍යයේ අද දැයෙන් සමුගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required