/
/
title icon
මීගමුවේ වෙඩි තැබීමක් - බලපත්‍ර අවියකින් සිදුකළ එකක් බවට හෙළිවේ
මීගමුවේ වෙඩි තැබීමක් - බලපත්‍ර අවියකින් සිදුකළ එකක් බවට හෙළිවේ
Editor
1 day ago
Share:
මීගමුවේ වෙඩි තැබීමක් - බලපත්‍ර අවියකින් සිදුකළ එකක් බවට හෙළිවේ

මීගමුව - තලාදූව ප්‍රදේශයේදී අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව, එක් අයෙකු සන්තකයේ තිබූ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

වෙඩිතැබීමෙන් ජීවිත හානි සිදුව නැහැ. 

කෙසේ වෙතත්, මීගමුව පොලීසිය විසින් අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවියට නීත්‍යානුකූල බලපත්‍රයක් ඇති බවත් අදාළ පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවටත් කරුණු හෙළිදරව් වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required