/
/
title icon
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය අදත්
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය අදත්
News Editor
5 months ago
Share:
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය අදත්

පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තීන් 05කට අයත් වෘත්තීය සමිති නියෝජිතයින් ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත්  සිදුකළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවා. 

පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ උදෑසන 8ට ආරම්භ වූ අතර අද උදෑසන අවසන් කිරීමට නියමිතව තිබුණත්, එය අද දිනයේදී.් ඔවුන් සිදුකිරීමට පසුව තීරණය කර තිබුණා. 

උසස්වීම්, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීම, වැටුප් හා දීමනා, විශ්‍රාම තත්ත්වයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම සහ සීමාවාසික පුහුණුව යන ගැටලු සහ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස සඳහන් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා. 

මේ අතර ඊයේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නම් ප්‍රථමයෙන් සේවයට වාර්තා කරන ලෙසයි.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය දන්වා සිටියේ, තම ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්වීමක් නොවීම හේතුවෙන් තවදුරටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත එළැඹීමට සිදු වූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required