/
/
title icon
දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් - 03ක් මරුට
දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් - 03ක් මරුට
News Editor
1 month ago
Share:
දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් - 03ක් මරුට

ශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු වාර්තා වන බවත් පියයුරු පිළිකා රෝගීන් 03 දෙනෙකු පමණ දිනකට මියයන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය කියා සිටියේ, 2022 වසරේදී වාර්තා වූ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සියලුම පිළිකා රෝගීන් 19,457ක් හඳුනාගෙන ඇති බවයි.

ඒ අතරින් කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගීන් 5,477ක් හඳුනාගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28%ක් බවද ඇය සඳහන් කළා.

පියයුරු පිළිකාව පෙර සිට හඳුනාගැනීමෙන් සුව කළ හැකි වුවත් පියයුරු පිළිකා රෝගීන් 30%ක් පමණම අවසන් තත්ත්වයේදී හඳුනාගැනීම තුළින් සුව කිරීම අසීරු වන බවද වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවා. 

වසරකට ලංකාවේ පිළිකා හේතුවෙන් 15,245ක් මියයන අතර එයින් 798ක් පියයරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ බව පැවසු වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය, මෙම තත්ත්වය තුළ පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසය ලෙස ඔක්තෝබර් මස 11 වැනිදා විශේෂ වැඩසටහනක් හැව්ලොක් සිටි හීදී පැවැත්වීමට නියමිත බවද කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required