ලිංගිකත්වයට ශුද්ධත්වය ආරෝපණය කළ චාරිත්‍ර
කායික සම්බන්ධතා සහ ලිංගිකත්වය යනු මිනිස් ජීවිතයේ ස්වභාවික අංගයන් වුවත් පුරාණ සමාජවල එය ආගමික චාරිත්‍ර වාරිත්‍ර සමඟ සමීපව බැඳී තිබුණි. විශේෂයෙන්ම ගණිකා වෘත්තිය සහ ලිංගිකත්වය පදනම් කරගත් ඇතැම් චාරිත්‍ර සශ්‍රීකත්වය, ප්‍රජනනය සහ දෙවියන් වහන්සේ සතුටු කිරීමේ මාර්ගයක් ලෙස සැලකූ බව පෙනේ. මේ සඳහා ප්‍රධාන චරිතයක් වූයේ ආදරය අලංකාරය සහ ලිංගිකත්වය සඳහා අධිපති වූ වීනස් දෙව්දුවයි.
ආගමික ගණිකා වෘත්තිය : චාරිත්‍රයක් හා විශ්වාසයක්
අපේ සමාජ වල සමාජ සමාජ වල ගණිකා වෘත්තිය සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස සැලකුණත් බටහිර අප්‍රිකාව දකුණු ඉන්දියාව සහ මධ්‍යධරණී ප්‍රදේශ වැනි ඇතැම් සංස්කෘතීන්වල එය ආගමික ඇදහිලිවල අනිවාර්ය අංගයක් විය. මෙම පුරාණ ඇදහිලිවලට අනුව ලිංගික චාරිත්‍ර සඳහා කාන්තාවකගේ දායකත්වය ආකාර දෙකකින් සිදුවිය.
තාවකාලික ගණිකා වෘත්තිය
ඇතැම් කාන්තාවන් තම විවාහයට පෙර, දින කීපයක් වෙනත් පුරුෂයන් සමඟ ලිංගිකව එක්වීම ආගමික යුතුකමක් ලෙස සලකා ඉටු කළහ. ඉන්පසු ඔවුන් විවාහ වී පති භක්තියෙන් යුතු ජීවිතයක් ගත කළහ.
පූජනීය ගණිකා වෘත්තිය
තවත් කාන්තාවන් පිරිසක් විහාරස්ථානවල සේවය කරමින් "ශුද්ධ වූ ගණිකාවන්" ලෙස ජීවිතයම මේ සඳහා කැප කළහ.
බැබිලෝනියානු චාරිත්‍රය වීනස් දෙව්දුවගේ පූජා
පුරාණ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස්ගේ චාරිත්‍රවලට අනුව බැබිලෝනියාවේ කාන්තාවන්ට අසාමාන්‍ය ආගමික නියමයක් විය. එනම් සෑම කාන්තාවක්ම තම ජීවිතය එක් දිනක් හෝ වීනස් දෙව්දුවට පූජාවක් ලෙස වෙනත් පුරුෂයකු සමග ලිංගිකව එක්විය යුතුය. මෙම චාරිත්‍රය සිදුවූයේ මෙසේයි.
වැඩිවියට පත් වූ කාන්තාවන් වීනස් දෙව්දුවගේ පිළිමය ඉදිරියට රැස්වූ අතර තම ප්‍රථම ලිංගික අත්දැකීම ලබාගැනීමට කැමති පුරුෂයන් රිදී කාසියක් වීනස් පිළිමය ඉදිරියේ සිටින කාන්තාවක් වෙත විසි කරති.

කාසිය විසි කරන ඕනෑ ම පුරුෂයෙකු සමග කිසිදු විරෝධයකින් තොරව ලිංගිකව එක්වීම අනිවාර්ය විය. මෙම චාරිත්‍රයෙන් පසු කාන්තාවකට නීත්‍යානුකූලව විවාහ විය හැකි අතර ඉන්පසු ඇය තම පතිවෘත්තතාව දැඩිව රැකිය යුතුය.
මෙම ක්‍රියාවලියේ දී රූමත් කාන්තාවන්ට ඉක්මනින් සහකරුවකු සොයා ගැනීමට හැකි වු නමුත් රූපයෙන් අඩු කාන්තාවන්ට ඇතැම් විට වසර ගණනාවක් වීනස් දේවස්ථානයේ රැඳී සිටීමට සිදුවිය.සයිප්‍රසය වැනි තවත් ප්‍රදේශවල ද මෙවැනි ම චාරිත්‍ර ක්‍රියාත්මක විය. ලැක්ටේනියස් නම් බුද්ධිමතෙකුට අනුව ගණිකා වෘත්තිය ලොවට හඳුන්වා දුන්නේ වීනස් දෙවිදුව බව ද සඳහන්වේ.
වෙනත් සංස්කෘතීන්වල පුරාණ චාරිත්‍ර
වීනස් දෙව්දුව වෙනුවෙන් පවත්වන ලද මෙම චාරිත්‍ර සයිප්‍රසය, හෙලියෝ පොලිස් සහ සිරියාවේ බාල්බෙක් වැනි ප්‍රදේශවල ද ක්‍රියාත්මක විය. එසේම මෙම දෙවිදුව විවිධ සංස්කෘතීන් තුළ වෙනස් නම් වලින් හඳුන්වා තිබේ. උදාහරණ ලෙස ඇස්ට්‍රේට්, ඇෂ්ටෝරත්, මිලිටා, ඉෂ්තාර්, ඉසිස් සහ ඇප්‍රෝඩයිට් ලෙස වේ.
මෙවැනි චාරිත්‍ර ඉන්දියාව සහ ලිබියාව වැනි රටවල ද පැවති බවට තොරතුරු ඇත. ඉන්දියාවේ මනමාලියක් තම විවාහ දිනයේ දී ප්‍රධානියකු, රජෙකු හෝ හෝ පූජකයෙකු සමග සමඟ ලිංගිකව එක්විය යුතු විය. ලිබියාවේදී මෙම චාරිත්‍රය තවත් පුළුල් විය. එනම් මංගල උත්සවයට පැමිණෙන ඕනෑ ම පුරුෂයකු සමග මනාලියට ලිංගිකව එක්වීමට සිදුවිය.
ටිබෙටයේ අසාමාන්‍ය කන්‍යා චාරිත්‍ර
මාකෝ පෝලෝගේ වාර්තාවලට අනුව ටිබෙට් සමාජයේ කන්‍යාභාවය අගයක් නොදැක්වූ අතර කන්‍යාභාවය රකින කාන්තාවන් පහත් කොට සැලකීය. මෙම හේතුව නිසා ටිබෙට් තරුණියන්, සංචාරකින් සහ වෙළෙන්දන් පසුපස ගොස් ඔවුන්ගෙන් තම කන්‍යාභාවය නැති කරන ලෙස බැගාපත්ව ඉල්ලා සිටි අතර තමා සමග ලිංගිකව එක් වූ පුරුෂයාගෙන් තෑග්ගක් (උදාහරණයක් ලෙස මුද්දක්) ලබා ගැනීම චාරිත්‍රයක් විය. මුදු විස්සක් වැනි යම් සංඛ්‍යාවක් එකතු කරගත් කාන්තාවකට පමණක් නීත්‍යානුකූලව විවාහ වීමට සුදුසුකම් ලැබිණි. බොහෝ පුරුෂයින් සමග ලිංගික අත්දැකීම් ලබාගත් කාන්තාවකට හොඳ බිරිඳක් වීමට අවශ්‍ය අත්දැකීම් ඇතැයි ටිබෙටයේ දී විශ්වාස කෙරිණි.
පිරිමින්ගේ කැපවීම් : වීනස් ගේ බිහිසුණු පූජාවන්
වීනස් දෙවිඳුව කාන්තාවන්ගෙන් පමණක් පූජා බලාපොරොත්තු නොවීය. ඇය පිරිමින්ගෙන්ද බිහිසුණු කැප කිරීම් ඉල්ලා සිටි බවටට සාක්ෂි ඇත. සීබෙල් නම් පූජකවරුන්ගේ ඇදහිල්ලකට අනුව, තරුණ පුරුෂයෙකු නිරුවතින් පැමිණ තම ලිංගික අවයවය කපා එය අතැතිව මහ මඟ දිව යා යුතුය. මෙම ක්‍රියාවලියේ දී ඔහු හඬමින් අවසානයේ කිසියම් නිවසකට වැදි කාන්තාවකගේ ඇඳුම් ඇඳීමෙන් පූජාවන් අවසන් කළ යුතුය. මෙවැනි බිහිසුණු චාරිත්‍ර පැරැණි ආසියානු සමාජවල පැවතුණු අතර දස දහස් ගණනක් මිනිසුන් ඒවා නැරඹීමට පැමිණි බව කියැවේ.
මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ වීනස් දෙව්දුව සහ ඇයට සම්බන්ධ ඇදහිලි පුරාණ සමාජවල ලිංගිකත්වය සහ ආගම අතර තිබූ සංකීර්ණ සම්බන්ධතාවය පෙන්නුම් කරන බවයි. එමෙන්ම සදාචාරය පිළිබඳව අප දරන මතයන්ට වඩා පුළුල් සහ වෙනස් වූ විශ්වාස පද්ධතින් එකල පැවැති බව ද මෙම තොරතුරු තහවුරු කරයි.
මදුමාලිකා වික්‍රමසිංහ