/
/
title icon
අල්ලස් කොමිසමෙන් "මනූෂට" හෙට කැඳවීමක්
අල්ලස් කොමිසමෙන් "මනූෂට" හෙට කැඳවීමක්
News Editor
1 month ago
Share:
අල්ලස් කොමිසමෙන් "මනූෂට" හෙට කැඳවීමක්

2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙසට කඳවීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වැනිදා අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායලය වෙත යැවීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ සටහන් කර ගත යුතු බව ලිපියක් මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා දැනුම් දී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් 08 වැනිදාද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතාව කොමිෂන් සභාව වෙත කැඳවීම් කළ නමුත් ඔහු විදේශ ගතවී සිටීම හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණීමට අපොහොසත් වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required