/
/
title icon
ට්‍රම්ප් - ජින්පින් හමුවක් හෙට දකුණු කොරියාවේදී
ට්‍රම්ප් - ජින්පින් හමුවක් හෙට දකුණු කොරියාවේදී
News Editor
1 week ago
Share:
ට්‍රම්ප් - ජින්පින් හමුවක් හෙට දකුණු කොරියාවේදී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව හෙට දකුණු කොරියාවේ බුසාන් හිදී පැවැත්වීමට නියමිතයි.

අමෙරිකානු සහ චීන නායකයන් අතර හමුවක් මෙම මස අගදී සැලසුම් කර ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මීට පෙර පවසා තිබුණා.

අමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන්ගේ මෙම හමුව සම්බන්ධයෙන් චීන විදේශ මණ්ඩල ප්‍රකාශකයෙකු විසින් අද තහවුරු කර ඇති අතර ඔවුන් සඳහන් කළේ අමෙරිකානු - චීන සම්බන්ධතා සහ වත්මන් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බවයි.

2019 වසරින් පසු අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු සහ චීන ජනාධිපතිවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required