තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙතද යොමුකර ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කථානායකවරයා මෙන්ම පොලිස්පතිවරයාද එකඟතාවය පළ කර තිබුණා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තීරණය කර නොමැති අතර පවතින තර්ජන සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයකින් පසුව ගිනිඅවි නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.