ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙනඑන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඉන් වැඩි පිරිසක් පාකිස්තානු ජාතිකයන් බව ඔහු සඳහන් කළා.
මෙම ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් පාතාලය සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මූලස්ථානය ද පවසනවා.
එම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය නිරන්තර සෙවිල්ලෙන් පසුවන බවද වාර්තා වනවා.