ආරක්ෂාව පිළිබඳ පවතින තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණයකින් අනතුරුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
පොලීසිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ හැකි බවයි.
ඒ අනුව ඔවුන්ට පවතින තර්ජන පිළිබඳ විශ්ලේෂණය කොට ආරක්ෂාව ලබාදිය යුතු බවට තහවුරු කළහොත් එම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල ගිනිඅවියක් ලබා දෙන ලෙසද ඉල්ලීම් කර ඇති බව පසුගියදා වාර්තා වුණා.