/
/
title icon
ෂාරුක්ට හැටයි - "King" එළිදකී
ෂාරුක්ට හැටයි - "King" එළිදකී
News Editor
4 days ago
Share:
ෂාරුක්ට හැටයි - "King" එළිදකී

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ 60 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ඒ, වෙනුවෙන් සුබ පැතීමට ෂාරුක්ගේ රසිකයින් මුම්පායි හි පිහිටි ඔහුගේ නිවස වන "මන්නත්" ඉදිරිපිටට පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

බොලිවුඩ් සිනමාවේ කිරුළු පලන් රජු 'King Khan' මෙන්ම 'King of Romance'ලෙස සහ SKR යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුගේ ප්‍රේක්ෂකයින් ෂාරුක් ඛාන්ව හඳුන්වනවා.

ලොව පුරා රසිකයන්ට ෂාරුක් සිය උපන්දිනය දවසේදී තිලිණයක් ලබාදුන්නා.

ඒ, දිගු කලක් බලා සිටි ඔහුගේ එළැඹෙන චිත්‍රපටයේ නම සහ teaser වීඩියෝ පටය එළිදැක්වීමයි.

'King Khan'යන ඔහුගේ අන්වර්ථ නාමයටම ගැලපෙන පරිදි එම නව චිත්‍රපටය 'King' ලෙස නම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required