වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ මෙරටට ලොකු ලූනු මෙට්‍රික් ටොන් දෙලක්ෂ තිස්නව දහසකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ අතරින් දේශීය ලොකු ලූනු අස්වනු නෙළීම ආරම්භ වූ අගෝස්තු මාසයේ සිට පසුගිය ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා ලොකු ලූනු මෙට්‍රික් ටොන් පනස් දහසකට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.
එවන් පසුබිමක අස්වනු නෙළා මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, සිය අස්වනු අලෙවි කරගත නොහැකිව දේශීය ලොකු ලූනු ගොවීන් මේ වනවිට අපහසුතාවයට පත්ව සිටිනවා.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ලංකා සතොස මගින් එක් ගොවියෙකුගෙන් සතියකට කිලෝ 2000ක උපරිමයක් දක්වා ලොකු ලූනු මිලදී ගත්තද පනවා ඇති කොන්දේසි හේතුවෙන් එලෙස අලෙවි කිරීමත් ප්‍රායෝගික නොවන බව ගොවීන් පවසනවා.