දැදුරු ඔයේ පාලමට පහළ කොටසේ දියනෑමට ගිය තරුණයන් 05 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.
කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් 05 දෙනෙකු මෙලෙස දියේ ගිලී අනතුරට ලක්ව තිබුණා.
ඔවුන් කිරිබත්ගොඩ, මාකොල සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවන්.
ඒ අතර එකම පවුල්වල සහෝදරයින්ද වනවා.