අයිස්ලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති වෙස්ට්මන් දූපත් සමූහයට අයත් කුඩා දූපත් අතර, එලිරේ නම් දූපතක් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. මෙම දූපතේ මැද කොළ පැහැති තණකොළ බිමක් මත තනිව පිහිටා ඇති කුඩා සුදු පැහැති නිවසක් නිසා එය අන්තර්ජාලයේ "ලොව හුදකලාම නිවස" ලෙස නම් කර තිබේ.
මෙම ඡායාරූපය බොහෝ විට ෆොටෝෂොප් නිර්මාණයක් ලෙස බොහෝ දෙනා සැක කළද මෙය සැබෑ නිවසක් වන අතර, ඒ ඉතිහාසය ද ඉතා සරල හා සිත් ගන්නා සුළුය.
නිවසේ සහ දූපතේ ඉතිහාසය
අතීත ජනාවාස
• පැරණි ජනතාව - එළියේ යනු අක්කර 110ක් (වර්ග කිලෝමීටර 0.4 ) පමණ වන කුඩා දූපතකි. මීට වසර තුන්සියයකට පමණ පෙර, එනම් දහ අටවන සියවසේ දී පවුල් පහක් පමණ මෙම දූපතේ ජීවත් වූ බවට වාර්තා වේ. ඔවුන් ජීවිකාව ගෙන ගියේ මුහුදු පක්ෂීන් දඩයම් කිරීමෙන් සහ මසුන් ඇල්ලීමෙනි.
• හුදෙකලා වීම - කෙසේ වෙතත්, දූපතේ ජීවිතය දුෂ්කර වූ බැවින්, 1940 වසර වන විට එහි ස්ථීරව වාසය කළ අවසන් පුද්ගලයාද දූපත හැර ගියේය. එතැන් පටන් මෙම දූපත ජනාවාස වී නොමැත.
දඩයම් නවාතැන
• ඉදිකිරීම - මෙම සුදු පැහැති නිවස 1930 ගණන්වල හෝ වඩාත් නිවැරදිව 1953 දී එලිරේ දඩයක්කරුවන්ගේ සංගමය විසින් ඉදිකරන ලද්දකි.
• අරමුණ - එහි ප්‍රධාන අරමුණ වූයේ දිවයිනේ බහුලව වෙසෙන 'පෆින්' කුරුල්ලන් දඩයම් කිරීමට සහ මසුන් ඇල්ලීමට පැමිණෙන දඩයක්කරුවන්ට තාවකාලික නවාතැනක් සැපයීමයි.
• පහසුකම් - නිවසේ විදුලිය හෝ ගලා යන නළ ජල පහසුකම් නොමැත. කෙසේ වෙතත් එයට අවශ්‍ය පානීය සහ අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට වැසි ජලය එකතු කරන පද්ධතියක් සවිකර ඇත. නිවස තුළ ගිනි උදුනක්, සුවපහසු සෝපා සහ ඇදන් දහයක් පමණ ඇති අතර එය දඩයම් කරුවන්ට හොඳ විවේක ස්ථානයකි.
පැතිරී ඇති වැරදි මත (මිත්‍යාවන්)
මෙම හුදකලා නිවස ලොව පුරා ප්‍රසිද්ධ වීමත් සමඟම එය වටා විවිධ අසත්‍ය කතා සහ වැරදි මත පැතිරී ගියේය.
1. බිලියනපතියෙකුගේ සැඟවුණු නිවස - සමහරු කියා සිටියේ අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනයක් ( උදා : - සොම්බි ප්‍රහාරයක්) හෝ යුද්ධයක් වැනි අවස්ථාවක සැඟව සිටීම සඳහා ධනවත් බිලියනපතීයෙකු මෙම නිවස මිලදී ගත් බවයි.
2. හොල්මන් නිවස - නිවසේ අතිශය හුදෙකලා බව නිසා, මෙය හොල්මන් කරන හෝ අද්භූත බලවේග සැරිසරන ස්ථානයක් බවටද මතයක් පැතිර ගියේය.
3. ගායිකා බ්යෝක්ගේ නිවස - වඩාත්ම ප්‍රචලිත අසත්‍ය වන්නේ මෙය අයිස්ලන්තයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන බ්යෝක් සතු නිවසක් බවයි.
නමුත් මෙහි සැබෑ තත්ත්වය වන්නේ, 2000 වසරේදී,අයිස්ලන්තයේ හිටපු අගමැති ඩේවිඩ් ඔඩ්සන්, රට වෙනුවෙන් ඇය කළ සේවය වෙනුවෙන්, වෙනත් එලිරේ දූපතක ඇයට ජීවත් වීමට අවසර දීමට කැමති බව ප්‍රකාශ කළේය. නමුත් බ්යෝක් කිසිදු විටෙක මෙම දූපත හෝ නිවස මිලදී ගත්තේ නැත.
දූපතට යාමට අවස්ථාව
එලිරේ දූපත දැනට රජය මගින් ආරක්ෂිත ස්වභාවික ප්‍රදේශයක් ලෙස ලැයිස්තු ගත කර ඇත.
• සංචාර - ආශ්‍රිතව ක්‍රියාත්මක වන සංචාරක සමාගම් මගින් මෙම දූපත දක්වා චාරිකා සංවිධානය කරනු ලබයි.
• පුද්ගලික සංචාර - මෙම දූපත තවමත් දඩයම් කරුවන් සහ ධීවරයින් විසින් භාවිතා කරනු ලැබුවද, ඕනෑම අයෙකුට පුද්ගලිකව හෝ කිසිදු වියදමකින් තොරව බෝට්ටුවක් මගින් දූපතට ගොස් දින කීපයක් මෙම නිවසේ නවාතැන් ගත කල හැකිය. කෙසේ වෙතත් දඩයම්කරුවන් ආහාරයට ගන්නා පෆින් මස් හැර වෙනත් වියළි ආහාර රැගෙන යාම අත්‍යවශ්‍ය වේ.
මෙම හුදෙකලා සුන්දරත්වය, අන්තර්ජාලයේ ප්‍රචලිත වූ බොහෝ වැරදි මත පිටුපස ඇති සරල සහ සත්‍ය කතාවයි.
මදුමාලිකා වික්‍රමසිංහ