සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් ඉහළ දමා තිබෙනවා.
ජනාධිපතිවරයා පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුව ගාස්තු මෙලෙස ඉහළ දමා ඇතැයි සඳහන්.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර, වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව මේ යටතේ ඉහළ දමා තිබෙනවා.