මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් අද (18) පස්වරු 6 සිට පැය 24 ක කාලයේ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
ඒ අනුව කින්නියා, මුතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශ, මඩකළපුව - පොළොන්නරුව මාර්ගය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජ මහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරෙන් යට වීමේ අවදානමක්ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.
එබැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක්, සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශ වල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහ ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල් පසුවන ලෙසත් ඇති විය හැකි ගං වතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා.