/
/
title icon
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දිගු නිවාඩුවක්
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දිගු නිවාඩුවක්
News Editor
1 month ago
Share:
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දිගු නිවාඩුවක්

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කතානායකවරයාගේ අනුමැතිය පරිදි විශේෂ නිවාඩුවක් ලබන 22 සහ 23 ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) කාන්ති පීරිස් මහත්මිය විසින් මේ පිළිබඳ එම කාර්ය මණ්ඩලයට චක්‍රලේඛයකින් අද දැනුම් දී ඇතැයි සඳහන්. 

මීට ප්‍රථම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට 24 සහ 26 නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඒ අනුව පාර්ලිමේන්තු සේවකයන්ට හෙටින් පසු දින නවයක නිවාඩුවක් ලැබෙනු ඇති.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අයවැය කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන මෙම විශේෂ නිවාඩු ලබාදී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required