/
/
title icon
සාමයේ පණිවුඩය රැගෙන අසිරිමත් නත්තල උදාවෙයි
සාමයේ පණිවුඩය රැගෙන අසිරිමත් නත්තල උදාවෙයි
News Editor
3 weeks ago
Share:
සාමයේ පණිවුඩය රැගෙන අසිරිමත් නත්තල උදාවෙයි

සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා.

ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන්ද නත්තල උදාවීම අතිඋත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා.

ගාසා හි යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල සැමරීම සිදුනොවූ ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද මෙවර නත්තල් සැමරීම සිදුකිරීම විශේෂත්වයක්.

අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවි ප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව මෙහෙය රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණා.

ඒ සඳහා ලොව නන්දෙසින් විශාල කිතුණු බැතිමතුන් පිරිසක් එක්ව සිටියා.

මේ අතර නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණා.

නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පැවසුවේ, සමාජය පිරිසිදු කිරීමට තණ්හාව දුරු කළ යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required