වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ වහාම නිදහස් කරන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ගේ ආරක්ෂාව ප්‍රමුඛ බවත්, වෙනිසියුලාවේ රජය පෙරළා දැමීම නවත්වන ලෙසත් චීනය පවසනවා.
අමෙරිකාව විසින් වෙනිසියුලාවට එල්ල කළ දැවැන්ත මිලිටරි ප්‍රහාරය 'ජාත්‍යන්තර නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක්' ලෙස චීනය අවධාරණය කළා.
මධුරෝ සහ ඔහුගේ බිරිඳ රැගෙන ගොස් රටින් පිටුවහල් කළ බව අමෙරිකාව තහවුරු කිරීමෙන් පසු චීනය නිකුත් කළ දෙවන ප්‍රකාශය මෙයයි.
චීනය ඊයේ පවසා සිටියේ, වෙනිසියුලාවට සහ එහි ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ ප්‍රහාරය 'බලහත්කාරයෙන් බලය යෙදවීමක්' බවයි.