/
/
title icon
වාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී TIN එක අනිවාර්යයි
වාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී TIN එක අනිවාර්යයි
News Editor
1 week ago
Share:
වාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී TIN එක අනිවාර්යයි

වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර තිබෙනවා.

එය ජනවාරි 5 වැනිදා සිට ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ඒ අනුව යතුරු පැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හා ත්‍රීවිල් හැර, අනෙකුත් සියලුම නව වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමක දී, අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය (TIN) දත්ත පද්ධතියටන්ට ඇතුළත් කිරීම අනිවාර්යය වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required