වැලිකන්ද ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පස්වරුවේ වැලිකන්ද ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇතැයි සඳහන්.
එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එම යතුරුපැදිකරු වැලිකන්දේ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාව ලුහුබැඳ නිවසට ගොස් ඇති අතර, එහිදී එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන් පහරදීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී පොලීසිය වෙඩිතැබීමක් සිදුකර ඇතැයි වාර්තා වනවා.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව 28 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසුවා.
මීට පෙර මොහු මත්ද්‍රව්‍ය චෝදනා 7ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති අතර මේ වනවිට තවත් අපරාධ චෝදනා දෙකක් සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බවද පොලීසිය සඳහන් කළා.
යතුරුපැදියේ ගමන් ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.