ඉරානයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 5,000ක් පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අතර ආරක්ෂක අංශ නිලධාරින් 500 දෙනෙකු පමණ වන බවද එම වාර්තාවල දැක්වෙනවා.
මේ අතර ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් දහස් ගණනක් මියගොස් ඇති බවට එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පළමුවරට පිළිගෙන ගෙන තිබෙනවා.
අද දිනයේ එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් කමේනි සඳහන් කර ඇත්තේ විරෝධතා අතරතුර දහස් ගණනක පිරිසක් මියගොස් ඇති අතර ඉන් ඇතැම් මරණ අමානුශික හා ම්ලේච්ඡ ආකාරයෙන් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් අමෙරිකාවට හා ඊශ්‍රායලයට සම්බන්ධ පිරිස් විසින් සිය රටට විශාල හානියක් සිදු කළ අතර ඔවුන් මෙම මරණවලට වගකිව යුතු බව ඉරාන ආධ්‍යාත්මික නායකයා සඳහන් කර තිබෙනවා.