/
/
title icon
හිටපු ඇමති නන්දන දිවි ගමනට සමුදෙයි
හිටපු ඇමති නන්දන දිවි ගමනට සමුදෙයි
News Editor
19 hours ago
Share:
හිටපු ඇමති නන්දන දිවි ගමනට සමුදෙයි

හිටපු අමාත්‍යවරයකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන සාමාජිකයෙකුද වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

මිය යන විට ඒ මහතා 63 වන වියේ පසුවුණා.

1962 වසරේ සැප්තැම්බර් 7 වනදා පානදුර ප්‍රදේශයේදී උපත ලැබූ නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන සාමාජිකයකු වනවා.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද ඔහු ඉදිරිපත් වුණා.

2009 වසරේදී එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ සංචාරක අමාත්‍ය ධූරයේද වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධූරයේ ද නන්දන ගුණතිලක මහතා කටයුතු කළා.

පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ජාතික නිදහස් පෙරමුණටත්, පසුව එක්සත් ජාතික පක්ෂය හරහාත් සිය දේශපාලන කටයුතු සිදුකළ ඔහු එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ සභාපති ධූරයේද කටයුතු කරනු ලැබුවා.

වත්මන් රජය විසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව නන්දන ගුණතිලක මහතා අවස්ථා ගණනාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශ පසුගිය සමයේ සිදුකළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required