මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ස්වාභාවික වායු මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ පමණක් යුරෝපයේ වායු මිල 33% කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රිතාන්‍යයේ වායු මිල ද 30% කින් ඉහළ ගියා.
මෙය 2023 ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය බව සඳහන්.
ලොව විශාලතම වායු අපනයනකරුවෙකු වන කටාර් බලශක්ති සමාගම 'QatarEnergy'සිය නිෂ්පාදන පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් නිෂ්පාදන කටයුතු නතර කිරීමත් සමඟ ඊයේ දිනයේදී මිල ගණන් 50% කින් පමණ ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය පැවසුවා.