/
/
title icon අයහපත් කාලගුණයෙන් 12289ක් පීඩාවට
අයහපත් කාලගුණයෙන් 12289ක් පීඩාවට
Editor
1 year ago
Share:
අයහපත් කාලගුණයෙන් 12289ක් පීඩාවට

දිවයිනේ පළාත් හතරක දිස්ත්‍රික්ක 9කට බල පා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (03 වැනිදා) වන විට පවුල් 3037ක පුද්ගලයන් 12289 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මධ්‍යම, දකුණ, උතුර සහ සබරගමු පළාත් හි යාපනය, නුවරඑළිය, නුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන් වෙත මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලපා ඇත. වැඩිම බලපෑමක් සිදු ව ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1765කට අයත් පුද්ගලයන් 6885 දෙනකු පීඩාවට පත්ව තිබේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo