/
/
title icon බදුල්ලේ රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක්
බදුල්ලේ රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක්
Editor
1 year ago
Share:
බදුල්ලේ රෝහල්වල උග්‍ර ඖෂධ  හිඟයක්

මේ දිනවල රෝහලේ වාට්ටු රෝගීන්ගෙන් පිරී ගියත් ප්‍රතිකාර සඳහා බරපතළ ඖෂධ හිඟයක් ඇතැයි පවසන බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් පාලිත රාජපක්ෂ මහතා, හදිසි ප්‍රතිකාර ඒකකයටත්, දැඩි සත්කාර ඒකකයට සහ හෘද රෝග සඳහාත් අවශ්‍ය ඖෂධ දැඩි ලෙස හිඟ බව ද පැවසීය.

සායන රෝගීන්ගේ ඖෂධ හිඟය ද එලෙසම බරපතළ බව පැවසූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතැම් ඖෂධ ප්‍රදේශයේ ෆාමසිවල පවා නොමැති බව ද සඳහන් කළේය.

බදුල්ල නගරයේ ඖෂධ අලෙවි සල් හිමියන් කියාසිටියේ ඇණවුම් කරන ඖෂධවලින් තමන්ට ලැබෙන්නේ සියයට හැටක් හැත්තෑවක් පමණක් වන අතර අවශ්‍ය සියල්ලම නොලැබෙන බවයි.

බදුල්ල මහ රෝහලේ සායනවලින් නොලැබෙන ඖෂධ පෞද්ගලික බෙහෙත් අලෙවි සල්වලින් මිලදී ගන්නා බවත් ඒවායේ අධික මිල දරා ගත නොහැකි බවත් රෝගීහු කියති.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required