
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ,රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළුව හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද යූනියන් පෙදෙසේ විරෝධතා පාගමනක නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ උසාවියේ පෙනී සිටින ලෙස නිකුත් කළ වරෙන්තු නියෝගයක් කඩ කිරීම යටතේ බව පොලිසිය පවසයි.