large ad banner
/
/
title icon අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක අලාභයක්.
අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක අලාභයක්.
Editor
1 year ago
Share:
අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක අලාභයක්.

ගාලු මුවදොර ආශ්‍රිතව ගෝඨාගෝගම නමින් ස්ථාපිත කර තිබූ අරගල භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් පමණ වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

ගෝල්ෆේස් අරගල භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබදව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය ප්‍රකාශ කළේ.

එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක් වැය වන බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද එම තක්සේරු වාර්තාවෙහි සඳහන්.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිට්ටනිය ආශ්‍රිත ප්‍රදේශයට සිදුකළ හානියට වන්දි අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට පසුගියදා උපදෙස් ලබා දී තිබුණා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required