/
/
title icon බිත්තර පාලන මිලට නිෂ්පාදකයින්ගේ එකඟතාව.
බිත්තර පාලන මිලට නිෂ්පාදකයින්ගේ එකඟතාව.
Editor
1 year ago
Share:
බිත්තර පාලන මිලට නිෂ්පාදකයින්ගේ එකඟතාව.

රජය විසින් නිකුත් කර ඇති පාලන මිලට බිත්තර නිකුත් කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළ කර තිබෙනවා. ඒ, වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

රජය විසින් සුදු බිත්තරයක් සදහා රුපියල් 43ක් සහ දුඹුරු හා රතු බිත්තරයක් සදහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් පසුගිය දා නියම කළත් වෙළදපළේ එම මිල ගණන් යටතේ බිත්තර අලෙවි වීමක් සිදු වූයේ නැහැ.

එමෙන්ම, උපරිම සිල්ලර මිල නියම කිරීමත් සමඟ වෙළදපල තුල බිත්තර හිඟයක් මේ වනවිට මතුව ඇති අතර, බිත්තර වෙළදසැල් හිමියන් ප‍්‍රකාශ කළේ නිෂ්පාදකයින් පාලන මිලට බිත්තර වෙළඳපොළට නිකුත් නොකරන බවටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required