large ad banner
/
/
title icon එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1600 ක් පමුණුගම.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1600 ක් පමුණුගම.
Editor
1 year ago
Share:
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1600 ක් පමුණුගම.

මෙරට මුහුුදු සීමාවේදී පසුගිය වසරේ ජූනි මස 2 වනදා ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය ඉවත් කොට මන්නාරම සිට හම්බන්තොට, කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට රුපියල් අනූ කෝටි තිස් අටලක්ෂ 57,293 ක් වැයවී තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ ඊයේ පැවති සාකච්ඡුාවකදියි මේ බව අනාවරණ වුණේ.

එහිදී විෂයභාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදුන්නේ නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප‍්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙසයි.

මුහුදුබත් වූ නෞකාවේ බහලූම්වලින් නිකුත් වන ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍යයන් ඉවත් කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇති බවයි මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහදපුර සඳහන් කළේ.

මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු සහ රසායනික ද්‍රව්‍යයන් මෙටි‍්‍රක් ටොන් 1,600 ක් පමණ පමුණුගම ප‍්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත් කර ඇති බවද ඇය කියා සිටියා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බවයි සභාපතිනිය වැඩිදුරටත් කියා සිටියේ.

 

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required