large ad banner
/
/
title icon අයි.එම්.එෆ්. නියෝජිතයින් සහ ජනපති රනිල් අතර හමුවක්.
අයි.එම්.එෆ්. නියෝජිතයින් සහ ජනපති රනිල් අතර හමුවක්.
Editor
1 year ago
Share:
අයි.එම්.එෆ්. නියෝජිතයින් සහ ජනපති රනිල් අතර හමුවක්.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමු වී සාකච්ඡුාවල නිරත වුණා. ඒ, ඊයේ ජනාධිපති කාර්යාලයේදීයි.

ශී‍්‍ර ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් මෙලෙස පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. එහිදී ශී‍්‍ර ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ලබන 26 වැනිදා පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් මෙහිදී වැඩිදුරටත් තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සමඟ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඊයේ පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප‍්‍රධානී පීටර් බෲවර් සහ එහි ශ‍්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන මෙහෙයුම් ප‍්‍රධානී මසයිරෝ නොසාකි ඇතුළු එම අරමුදලේ නියෝජිත කණ්ඩායම් පෙරේදා රාති‍්‍රයේ දිවයිනට පැමිණියා.

ඒ අනුව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවල පළමු වටය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ඊයේ පෙරවරුවේ ආරම්භ වූ අතර, එම සාකච්ඡුා සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වුණා.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය පහසුකම මේ වසර අවසන් වීමට පෙර ලබාගත හැකිවනු ඇති බවයි.

මේ අතර, ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය දරණ මතය කඩිනමින් වෙනස් කර ගන්නැයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ චීනයෙන් ඉල්ලා සිටියා.

ජපානයේ නිකී ඒෂියා ප‍්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනයෙන් ලබාගෙන ඇති ණය, තමා ඉදිරියේ ඇති බලවත්ම අභියෝගය බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required