/
/
title icon ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ මිලිමීටර් සියය ඉක්ම වූ වැසි.
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ මිලිමීටර් සියය ඉක්ම වූ වැසි.
Editor
1 year ago
Share:
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ මිලිමීටර් සියය ඉක්ම වූ වැසි.

අද රාත්‍රි 8.30 සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි පැය විසි හතරේදී සබරගමුව පළාතට සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නායයාම් අවධානම සහිත ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required