/
/
title icon කොස්තාපල්වරියකට අතවර කළ OIC රිමාන්ඩ්.
කොස්තාපල්වරියකට අතවර කළ OIC රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
කොස්තාපල්වරියකට අතවර කළ OIC රිමාන්ඩ්.

පොලිස් කොස්තාපල්වරියක් අතවරයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සෙවනගල පොලිස් ස්ථානාධිපතිවරයා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධියෙන් පසුව සැඟව සිට ඇති අතර පොලිස් මූලස්ථානයේ කාන්තා කර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි ඊයේ ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් පි‍්‍රයංකර ලක්ෂ්මන් හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

තමන්ව අතවරයට ලක් කල බවට සෙවනගල පොලීසියේ සේවය කරනු ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරියක් විසින් සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

ඒ අනුවයි පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යාංශය විසින් සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required