/
/
title icon ඉහළ නැංවූ ජල ගාස්තුව අද සිට.
ඉහළ නැංවූ ජල ගාස්තුව අද සිට.
Editor
1 year ago
Share:
ඉහළ නැංවූ ජල ගාස්තුව අද සිට.

ඉහළ නැංවූ ජල ගාස්තුව අද සිට ක‍්‍රියාත්මක බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය සිකුරාදා රාති‍්‍රයේ නිකුත් කෙරුණු අතර, ඒ අනුව අද සිට ගෘහස්ථව භාවිත කරන පළමු ජල ඒකක පහ සඳහා ඒකකයක් රුපියල් විස්සක් වන අතර, මාසික සේවා ගාස්තුව රුපියල් 300 ක් ලෙස ඉහළ දැමුණා.

මීට අමතරව ඒකක හයේ සිට දහය දක්වා ඒකකයක් සඳහා රුපියල් විසි හතක් දක්වා ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර, එහි මාසික සේවා ගාස්තුව සටහන් වන්නේ රුපියල් 300 ක් ලෙසින්.

ඒකක 11 සිට 15 දක්වා ඒකකයක් රුපියල් 34 දක්වාද, 16 සිට 20 දක්වා ඒකකයක් රුපියල් 68 දක්වා ද, 21 සිට 25 දක්වා ඒකකයක් රුපියල් 99 දක්වාද, 26 සිට 30 දක්වා ඒකකයක් රුපියල් 150 දක්වාද ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර, එම කාණ්ඩවල මාසික ගාස්තුව සටහන් වන්නේ රුපියල් 300 ක්.

මීට අමතරව, ඒකක විසි හයේ සිට 30 දක්වා ඒකකයක් රුපියල් 150 ක් දක්වාත්, 31 සිට 40 දක්වා ඒකකයක් රුපියල් 179 දක්වාද ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර, එම කාණ්ඩවල මාසික ගාස්තුව සටහන් වන්නේ රුපියල් 900 ක් ලෙසින්.

එමෙන්ම, ඒකක 41 සිට 50 දක්වා ඒකකයක් රුපියල් 204 දක්වාත්, 51 සිට 75 දක්වා ඒකකයක් රුපියල් 221 දක්වාත් ඉහළ දමා තිබෙනවා. එම කාණ්ඩවල මාසික ගාස්තුව රුපියල් 2,400 ක් ලෙස දැක්වෙන අතර, ඒකක 75 ට වැඩි කාණ්ඩයේදී ජල ගාස්තුව ඒකකයක් රුපියල් 238 ක් දක්වා ඉහළ දමා ඇති අතර, එහි මාසික ගාස්තුව රුපියල් 3,500 ක් ලෙස සටහන් කර තිබෙනවා.

මේ අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාත කියා සිටියේ වැඩි කළ ජල ගාස්තුව අගෝස්තු මාසයේ බිලට එක් නොකිරීමට තීරණය කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required